1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.
2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.
3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.
4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.
5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.
මේ දේවල් අමතක කරන්නත් එපා . . .
6. ඇයව වැළඳගන්න.
7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.
8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.
9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.
10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.
නිදහස් තැන්වලදී . . .
11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.
12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.
13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.
14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.
15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා.
ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?
16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.
17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.
18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.
19. ඇය ලස්සන බව ඇයට පවසන්න.
20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න.
ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න
21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.
22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.
23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.
24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න
25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි.
ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා
26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.
27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.
28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.
29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.
30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.
ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි
31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.
32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.
33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.
34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.
35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි
ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න
36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.
37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.
38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇයට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.
39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.
40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න.
ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.
41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.
42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.
43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.
44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.
45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න……..
හෙක් හෙක්..
ඔය ලිස්ට් එක කොහේදෝ බ්ත්තියක ගහලා තිබුනා දැක්කා,
මොනව උනත් බුක් මාර්ක් කරගන්න වටිනවා!!!
ජය වේවා!!!
අනිවාර්යයෙන්ම හරිම වටිනවා.සාර්ථක පවුල් ජීවිතයකට අවශ්‍යම දේවල්.මේක පිළිපැද්දොත් දික්කසාද හුගක් අඩුකරගන්න පුළුවන්.සිරාවටමයි කියන්නෙ
හරි ඔන්න එහෙනම් මෙතනටත් එනවා අපි අද ඉදලා
අනේ ඒ වුනාට මගෙ නියම බ්ලොග් එක යකාගෙ අඩවිය.මේක ඇමඩගෙ කතා ,ලිංගිකත්වයට බර කතා ,විහිලු එහෙම දාන එක විතරයි.දෙකම අප්ඩේට් කරනව.මේක මට තව ෆැමිලියර් මදි වගේ
ලියන එකා යකා කියල මං හිතුවෙ.ඒත් එතකොට මේ කවුද?
මේ අර සරත් විජේසුරිය හුචක්කුව කතාවේදී කියපු ක්‍රම ටික නේද?
ඒ යකාගේ පොතකද කොහෙද තියෙන.
කොහොම උනත් හොදයි නොදන්නා අයට දැනගන්න.
ඒක නම් මන්ද .මට මේක අහම්බෙන් හම්බවුනේ හොඳයි කියල හිතුන නිසා දැම්ම
තව ක්‍රම තියෙනවා.
ඔවු ඒවත් ඉස්සරහට දානවා.හෙහෙ හෙහෙ
අනේ යකෝ…මේකේ පාට වෙනස් කරපං.
හරි හරි ඉදිරියෙදි වෙනස්කම් බොහොමෙයක් කෙරෙනවා.තව ලස්සන කරනවා
සරත් ගොයියත් කිවුව තමයි
මෙව අමතක වෙනකොට මතක් වෙන්න ක්‍රමයක් හදාගන්න ඔන
පෝස්ට් එක දැම්මට හැබැයි මමත් මේව කියවල නෑ හෙහ් හෙහෙ හෙහ .නිවාඩු පාඩුවෙ කියවන්න ඕන
ඇස් නිලංකාර වෙනව මනුස්සයෝ ! ඉක්මනට ලා පාටක් දාපන් !
මේව කරන්න කෙල්ලෙක් සෙට් වෙන්න එපැයි.සෙට් කරගන්න ක්‍රම මාලාවකුත් දෙමු !
දුලාගේ අඩවිය ලියන දුලා
හරි වෙනස් කළා .මේ පාට හොඳයි නේද?
තිබ්බ එකට වඩා නම් හොඳයි.මේ පාටෙම තව ටිකාක් ලා කරා නම් ගොඩාක් හොඳයි.
ඒක තමයි ඉස්සරහට හුඟක් වෙනස් කරනවා මට මේක නිකම් නුහුරුයි නුහුරුයි වගෙ බ්ලොගර් වගෙ නෑ
පිරිමි ළමයින්ට නම් 1 ඇති
කොහොමද වැඩේ 1 ට 45 ක්.හැබැයි 45 ත් ඇද්ද මන්ද හෙහෙ හෙහෙ
කියෙව්වෙ උඩින් පල්ලෙන්.. දැනටමත් ක්‍රියාන්විතයේ ඇති ඒව නොවැ බං තියෙන්නෙ
😉
ඔවු බන්.ඒත් මේ වනම් කරන්න පුළුවන්ද මන්ද.කොහොමත් බ්ලොග් අවකාශය ටිකක් එහෙ මෙහෙ එහෙමෙහෙ කරන්න යකාට ඕන.ඉතින් පොඩ්ඩක් ඉතින් දන්නැද්ද හෙහෙ හෙහෙ
යකා මේ සයිට් එකේ ටිකක් නෝමල් පොරක් වෙනව.හොද ඉස්ටෝරි ට්කක් දාන්නයි ඉන්නෙ
ඔය 45ම එකසැරේ කරන්න ඕනෙද බං …?
කොටස් වශයෙන් පුළුවන් ඇති බන් .ඒක නොවෙයි කාටද ඔය 45 මතක හිටින්නෙ.කොහෙ හරි සයිට් එකක තුබුන ට්‍රාන්ස්ලේෂන් එකක් ඔය.මාත් ඔන්නොහෙ කියල එබුවා.හෙහෙ ..හෙහෙ හෙහෙ
ලිංගික අධ්‍යාපනය ගැන යූටියුබ් චැනල් කීපයක්ම තියේ.. මට පුලුවංකමක් තිබුනාත් මං ලිංක් කරන්නං
වැදගත් ලිපියක්.. ස්තූතියි ඔබට
ඒව ලින්ක් කරන්න.ඒ දැනුම අපට අවශ්‍යයි.අපි මේවගෙන් නරක දේ පෙරල හොඳ දේ අරගනිමු.
මෙව්වා හැමදාම මේ විදියටම කොරන්න හැකිනං නරකක් නෑ තමා.
පුළුවන් නම් ඉතින් හොඳයි තමා.අනේ මන්ද ඉතින්.
43 නම් ටිකක් අමාරුයි කරන්න. රෑට මාල කඩන සෙට් එකක් ඉන්නවා :
මාල වළලු ලට්ට ලොට්ට ගලවල දාලම ගියා නම් ඉවරයිනෙ.ඔක්කොම එහෙම ගලවල යන්න එපා හොරු සෙට් එක බයවෙලා පැත්ත පළාතෙ එන එකක් නෑ