ජනතාව සක්‍රියව පාලනයට සම්බන්ධ වන ජනමතය පැහැදිලිව නිරූපනය වන පහල සිට උඩට ගලා යන ක්‍රමයක් අවශ්‍යයි

අපට හුරු වර්තමානයේ පැවැත්වෙන මැතිවරණ වලින් ජනමතය නිසිලෙස නිරූපනය නොවන අතර එහිදී චන් දීමට මනස සකස් කිරීමක් සිදුවෙයි.චන්දය ගැසට් කර එය පවත්වන දින දක්වා ජනතාවට යම් බලයක් ලැබෙන බව ඇත්තකි.එහෙත් දේශපාලනයට ජනතාව සක්‍රිය ලෙස දායක කර ගැනීමක් නැත.මෙම ද්විපක්ෂ ක්‍රමය තුලින් ජනතාවට අනිවාර්ය විකල්ප දෙකක් ඉදිරිපත් කරයි.වෙනසක් ප්‍රායෝගික නැත.මේ ද්විපක්ෂ ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේම විකෘතියක් ලෙසය.කැපුවත් කොළ හා කැපුවත් නිල් යැයි විශාල පිරිසක් සිටිති.මේ පිරිසෙන් සැළකිය යුතු පිරිසක් තමන්ට ලැබුන පුද්ගලික වාසි හෝ පීඩා නිසා මනෝවිද්‍යාත්මකව පක්ෂ සමඟ බැඳුන අය වෙති.

පැරණි වැඩවසම් ක්‍රමයේ නෂ්ඨාවශේයක් වන මේ තත්වය ලංකාවට පමනක් ආවේණික වූවක්ද.මට හිතෙන ලෙස ලෝකයේ බොහෝ රටවල තිබෙන ද්විපක්ෂ ක්‍රමය තුල මීට සමාන තත්වයක් දක්නට ලැබෙන බවයි.තුන් වැනි බලවේගයකට හිස එසවීම ඉතා අමාරු මේ නිසාය.මට නම් හමුවී අත්තේ එවැනි එක් උදාහරනයක් පමණි.ඒ බ්‍රිතාන්‍යයේ ලිබරල් පක්ෂය වෙනුවට කම්කරු පක්ෂය ආදේශ වීම්මය.

මෙසේ කෙළෙහිගුන සැළකීම හා වෛරය නිසා පුරුද්දට චන්දෙ දානවානම් කෝටි ගනන් වියදම් කර චන්ද තියන එකත් තේරුමක් නැත.මෙයට විසදුම කුමක්ද

යම් තරමකට හෝ අපේ සමාජය නිර්දේශපාලනීකරනය කළ යුතුය.ජනතාව හා දේශපාලනඥයා අතර සම්බන්ධය  වන්නේ ප්‍රධාන වශයෙන්ම රැකියා සොයාගැනීමය.කොන්ත්‍රාත් ,ටෙන්ඩර් ගැනීමට හොරෙන් කැළෑකැපීමට දේශපාලකයන් සොයා යන්නේ සීමිත පිරිසකි.බහුතරයක් කොඩිවැල් එල්ලන්නේ පෝස්ටර් ගහන්නේ රැකියාවක් සොයා ගැනීමේ අහිංසක ඕනෑකා නිසාය.

රැකියා කරන්නන්ගෙන් අති බහුතරය පෞද්ගලික අංශයේ රැකියා කරන අයයි.ඔවුන්ට දේශපාලකයන් අවශ්‍ය නැතැයි සිතමු.රජයේද සියළුම පත්කිරී බඳවාගැනීම් පටිපාටි මඟින් විනිවිද යන ආකාරයට කිරීමෙන් දේශපාලකයා පැත්තකට කර තැබිය හැක.දේශපාලකයා ඉවත් කළ සැනින් දූෂණය නවතින්නේ නැත.නිළධාරීන් ඇතැම්විට දේශපාලකයන්ට ඉදිරියෙනි.මෙහිදී අප කතා කරන්නේ ජනතාව දේශපාලනිකව බලගැන්වීමට වැඩවසම් පුරුදු බලපාන නිසා එයට විසදුම කුමක්ද කියායි.දූෂනය වැනි දේ වෙනමම කතා කළ යුතුය.රාජ්‍ය සමඟ පුරවැසියා දැඩි ලෙස බැඳී සිටින කියුබාව වැනි රටක සියල්ල රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන විට නිදහස පිළිබද ගැටළු ඇතිවේ.රජය කුදු මහත් සියල්ලේදීම මඟපෙන්වන්නා ලෙස සිටිය යුතු නැත.ජවිපෙ ,හෙළ උරුමය, පෙරටුගාමී වැනි මතවාදී පක්ෂ බිහිවීම මෙම ක්‍රමයට අභියෝගයක් වුවත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නැත.

 මැතිවරණ දේශපාලන පක්ෂ ක්‍රමයෙන් බැහැරව පවත්වන්නට බැරිද.සම්පූර්ණයෙන්ම පක්ෂ ක්‍රමය බැහැර කිරීමක් නොවේ.එහිද බොහෝ ප්‍රයෝජනවත් පැති ඇත.එහෙත් හැකිතාක් පක්ෂ ක්‍රමයට විකල්ප සොයායමින් එහි දුර්වල තැනවලට ආදේශ තබමින් මහජනයා සමබන්ධ කරගැනීමට හැකිතැන් වලට එසේ කරමින් යම් සාර්ථක ක්‍රමවේදයක් සොයා යාම වැදගත්ය.ලංකාවේ දේශපාලන පක්ෂ වැඩවසම් රාමුවක සකස් වූවකි.පක්ෂවල නායකත්වය පරම්පරාවෙන් ඒමෙන් එය පෙනේ.යහපත් සමාජයක් ප්‍රාර්ථනා කරන සැමකෙනෙක්ම මේ පිරමිඩාකාර ව්‍යුහයට එරෙහි විය යුතුය.ගම්පහ දිස්ත්‍රික්කයේ සාම්ප්‍රදායික ප්‍රභූන් රටේම සාම්ප්‍රදායික ප්‍රභූන් වීම ප්‍රජාතන්ත්‍රවාදී ද්විපක්ෂ ක්‍රමය අතීත ඍජු වැඩවසම්වාදය හා බද්ධ වීමට හොඳ නිදසුනකි.

ක්‍රම සකස් විය යුත්තේ අසහනනයන් දුරු වන ලෙසය.ඉතිහාසයේ මහා ලේ වැගිරීම්වල සැබෑ හේතු නිරීක්ෂනය කිරීමේදී ජනමතය පිළිබිඹු නොවීම ප්‍රධාන හේතුව වූ බව පෙනේ.1989 ලංකාව ලේ ගංගා ගලා ගිය වසරකි.ඊට හේතුව ජවිපෙ රාජ්‍ය බලය මැර බලයෙන් අල්ලාගැනීමට කළ උත්සාහයයි.එහෙත් ජවිපෙ නිරපරාදේ තහනම් කරමින් කැලයට තල්ලු කලේ එජාප ආන්ඩුවයි.ජවිපෙ අයගේ මනහ්කල්පිත පන්ති අරගල සුරංගනා කතාව පසෙක තබා යථාර්ථය විමසුවොත් ඇත්තෙන්ම එකළ තරුණයන් සිටියේ අසහනයෙනි.මන්ද රැකියා ලැබුනේ  පරම්පරාගත යූඇන්පී හංවඩුවටය.තරුණ අසහන කොමිසමේ වාර්තාවේද සඳහන් වන්නේ සුදුසුකම් අනුව බඳවාගැනීමේ පටිපාටියක් මත රැකියා දීමේ අවශ්‍යතාවයයි.

උතුරේ අසහනයට සැබෑ හේතුව බල සංසරණයක් සිදුනොවීමයි.බලය ගැන පිපාසයකින් සිටි අමිර්තලිංගම්ලාට චෙල්වනායගම්ලාට මන්ත්‍රී දූරයකින් හෝ ඇතැක්ම්විට ඇමතිකමකින් සෑහීමට පත්වීමට සිදුවිය.එහෙත් ද්‍රවිඩයෙකුට අගමැති ජනපති වීඅට හැකියාවක් තිබිනිනම්.අන්න එවිට ඔවුන්ටද තෘප්තිය ලැබේ.ගැටුම් වල සැබෑ හේතුව අතෘප්තියයි.සාමාන්‍ය දෙමළ ජනයාට අවශ්‍ය රැකියා වැනි දේවල්ය.උතුරේ හා දකුනේ දෙකේම පරපීඩක ආශාවන් තෘප්ත කර ගැනීම වෙනම ලිපියක කතා කරමු.මෙහිදී දේශපාලාන පැත්තට පමනක් අවධානය යොමු කළෙමි.

තවද භූගෝලීය කොට්ටාස ක්‍රමය ඉක්මවා වෘත්තීන් වැනි කොටස් වලටද ආසන වෙන් කළ හැක.එවිට දැන් තැපැල් චන්දය දමන ලෙසින් කෙනෙකුට තම වෘත්තිය වෙනුවෙන් වෙන්වූ ආසනයට චන්දය දීමට පුලුවන .අද ජනතාව භූගෝලීය සීමාවලටම කොටුවී නැත.(අවස්ථා වරණය ).එසේම තාක්ෂනය දියුණු වී තිබීම නිසා අන්තර්ජාලය හරහා ජනම විචාරනද පැවැත්විය හැක.මෙවනි අංග භාවිතයෙන් අසහනය අඩුකළ හැක.

තවත් වැදගත් දෙයක් නම් ධූරකාලයයි.ලංකාවේ දේශපාලනය උරුමෙට යන්නක් මෙනි.ඊට හේතුව ජනතාව ප්‍රධාන පක්ෂ දෙකට් සීමාවී සිටීමයි.එසේම දේශපාලනයට යන්නෙ හොරාකන්න බව ජනතාවත් දේශපාලකයෝත් පිළිගනිති.දේශපාලකයන් පාරවල් බෝක්කු හැදීමේ වැඩවලින් ඉවත් කළ යුතුය.මාර්ග සංවර්ධන අධිකාරියේ වඩ ,සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වැඩ වලින් මන්ත්‍රීවරයා ඉවත් කළ යුතුය.මෙයින් සිදුවන්නේ නිළධාරීන් හොරාකෑමේ නව සම්ප්‍රදායක් බිහිවීම බව ඇත්ත වුනත් ( ළමයි ඇතුලත් කිරීමේදී විදුහල්පතිවරු හොරාකෑම  මෙන් )දේශපාලනය සුද්ද කරන්නට මෙය අවශ්‍යය.

එසේම ඩොනමෝර් මාදිලියේ ඇමතිදූරයක් යළි අත්හදා බලන්න බැරිද.මෙහිදී කාරක සභාවට විවිධ ක්ශේත්‍රවල නිපුනයන්ද ඇතුලත් කර ඔවුන්ගේද දායකත්වය ගැනීමට පුලුවන.එසේම ඇමතිදූරයද අවුරුදු හතරක් හෝ පහක් ලෙස යම් සීමාවක් හදුන්වා දිය යුතුය.දෙවැන්නාට වගකීම් පුහුණුවද ස්වයංක්‍රීයව ලැබේ.කැබිනට් ක්‍රමය ඇතිවීමට පෙර තිබුනේ විධායක කාරක සභා ක්‍රමයකි.මෙහිදී ඇමතිවරයා කාරක සභාවේ ප්‍රධානියා විය.ඇමතිධූරයකට පත්වීමේ අවස්ථාව වැඩි දෙනෙකුට ලැබේ.ඇමතිවරු ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් විය යුතු නැත.මෙවිට සියළුම මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දීමට වට්ටක්කා පුහුල් ඇමතිකම් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය නැතිවේ.

ජනාධිපති ධූරයටද යම් කාලසීමාවක් අවශ්‍යය.උපරිම වාර ගනන දෙකක් විය යුතුය.ව්‍යවස්ථාදායකයෙන් කැබිනට් මණ්ඩලය ඉවත් කිරීමෙන් පසු ( කබිනට්ටුව තවදුරටත් ව්‍යවස්ථාදායකයට වග කියයි ) බොහෝ අගතීන් අහෝසි වේ.වර්තමානයේ අපරටේ තිබෙන්නේ විධායක ජනාධිපතිවරයෙකු සහිත කැබිනට් ක්‍රමයකි.1977 ට පෙර අගමැතිවරයෙකු සහිත කැබිනට් ක්‍රමයක් තිබූ අතර විධායක ජනාධිපති ක්‍රමය ඊට කොයිතරම් වෙනස්ද කිවහොත් ආණ්ඩු දෙකක් මෙනි.මෙය 2001 දී මෙරට ජනයා අත්දුටහ.ඇමතිවරුන්,අගමැතිවරයා හා අමාත්යාංශ ලේකම් වරු පත් කරන්නේ ජනාධිපතිවරයාය.ඇත්තෙන්ම කැබිනට් මණ්ඩලය නැතිව වුවද ජනපතිටරට පාලනය කළ හැක.සියළු අමාත්‍යාංශ කැමති මොහොතක පවරා ගත හැක.පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක.ඒ අනුව ව්‍යවස්ථාදයකය නිශ්ක්‍රීය වී ඇත.

මේ අනුව විධායක ජනපතික්‍රමය දැඩි පුද්ගලාභිවන්දනයක් බව පෙනේ.ඇමරිකාවේ මෙය උපරිමයෙන් ප්‍රදර්ශනය වේ.එහෙත් එරට වර්ධනය වී ඇති සම්ප්‍රදායන් නිසා එහි හානිකර බව අඩුය.වසර හතරෙන් හතරකට වරක් ජනාදිපතිවරයා පත් කෙරේ.උපරිම වසර අටක් දූරය දරන නිසා හානියක් ඇත්තේම නැත.කැබිනට් ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක වුනේද එංගලන්තයේ මෙන් සමානයන් අතර ප්‍රමුකයෙකු ලෙස නොවේ.අමාත්‍ය මණ්ඩලයෙන් වියුක්ත ප්‍රධානියෙකු ලෙසය.

වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් සකස් කර ගන්නේ  පුද්ගල වන්දනය අහෝසි කිරීමෙනි.ඇත්තෙන්ම පුද්ගලයා යනු පශ්චාත් ගොඩනැංවීමකි.පුද්ගලයා අනිවාර්ය නැත.පුද්ගලයා යාන්ත්‍රනය තුල අංශුවක් පමනි.එහෙත් යාන්ත්‍රනය යන්න අමතක කර පුද්ගලයා ඔසවා තැබීම ගැටළුවයි.කෙටි කාලීන පුහුණුවකින් සාමාන්ය කාර්යයන්ද දිගු කාලීන පුහුණුවකින් වෙනත් කාර්යයන්ද ඕනෑම හෝමෝ සාපියන් සාපියන් කෙනෙකුටම කළ හැකි බව අප විශ්වාස කරමු.අමුතු දේවල් කළ හැකි විශේෂ පුද්ගලයන් නැත.එම නිසා පුද්ගලයාට වඩා වැදගත් යාන්ත්‍රනයයි.යාන්ත්‍රනය තුල පුද්ගලයා අනිවාර්ය නොවන්නේ හානිපූරනය කරගනිමින් ක්‍රියාත්මක වන්නට යාන්ත්‍රනයට හැකි බැවිනි.

යාන්ත්‍රනය  තුල පුද්ගල සංසරනය නිසි ලෙස සිදුවිය යුතුය.එක් ධූරයක් දරන කෙනෙක් ඊලඟට තම ධූරයට පත්වන තැනැත්තාට අවශ්‍ය වන වගකීම් පුහුණුව ලබා දිය යුතුය.දේශපාලනයේ ඉහළ තනතුරු වලට භේද වලින් තොරව වැඩි පිරිසකට පත් වීමට ඉඩ දීමෙන් වඩා යහපත් සමාජයක් බිහිවේ.යාන්ත්‍රනය කාර්යක්ෂ්ම නිසා ධූරයන්ට පත්වන අයටද කාර්යක්ෂ්ම වන්නට සිදුවේ.එකවර ලොකු විපර්යාස කරන්නට බැරිය.යමක් වෙනස් විය යුත්තේ සෙමෙනි.මෙවැනි යාන්ත්‍රනයක් සකස් කර ගන්නේ කෙසේදැයි බලමු.දැනට පුද්ගලයා අත භ්‍රමනය වන අකාර්යක්ෂ්ම අසාර්ථක ක්‍රමය කිසියම් පරිණාමයකට ලක් කර ගැනීමට ඉතා සරල ප්‍රතිකර්මයක් යෝජනා කිරීමට කැමැත්තෙමු.මෙය පැලැස්තරයක් වැනි ඉතා සරල දෙයකි.එහෙත් වෙනස අති විශාලය.

පක්ෂ නිළධාරී මණ්ඩලයක ඒකාධිකාරයට වඩා තම මැතිවරණ කොට්ටාසයේ තමන් කැමති පැත්තට චන්දය දී ස්වයංක්‍රීයව පක්ෂය නම් කළ කෙනා පත්වීට ඉඩ හැරීමට වඩා තමන්ටද තේරීමක් කිරීමට ඉඩ සැළසීම යහපති.මෙය සමානුපාත කේවළ ක්‍රම මිශ්‍රණයකි.(පුද්ගල වරණය )මේ වෙනස යෝජනා කරන්නේ ඡන්ද ක්‍රමයේය.දැනට තිබෙන මැතිවරන ක්‍රමයම ගනිමු.කේවළ ක්‍රමයෙන් ජනමතය නිසිලෙස නිරූපනය නොවන නිසා  සමානුපාතික ක්‍රමය ගෙනාවතෙහිද අඩුපාඩු ඇත.

එසේම ව්‍යවස්ථාදායකය ජනතාව මත ස්ථාවරව පිහිටුවිය යුතුය.එනම් ව්‍යවස්ථාදායකයට මන්ත්‍රීවරයා පත් කළ යුත්තේ චන්ද විද්‍යාලයකිනි.මෙම චන්ද විද්‍යාලය පත් කරන්නේ ජනතාව විසින් ඍජුවමය.එනම් ඇතිවරණ කොට්ටාසයකට චන්දදායකයන් ලක්ෂයක් සිටිති.ගම් ආසන්න  වශයෙන් දෙසීයකි.චන්ද විද්‍යාලය දෙසීයකින් සමන්විත වෙයි.මෙම දෙසීය පත් කරන්නේ ඍජු මහජන චන්දයෙනි.ඒ අනුව එක ගමකට එකෙකි.මේ චන්ද විද්‍යාලයෙන් මන්ත්‍රීවරයා පත් කෙරේ.මන්ත්‍රීදූරයටද කාලසීමාවක් ඇත.ඉන් පසු වෙන කෙනෙකුට අවස්ථාව ලැබේ.මේ අනුව පුද්ගල සංසරණයක් ඉතා අපූරුවට සිදුවේ.මෙහිදී සමස්ත සමාජයේම බල අසහනය දුරුවේ.

අප විද්‍යාත්මක විසදුම් සෙවිය යුත්තේ සැබෑ ගැටළුව සොයාගෙන ඊට තුඩුදුන් අතෘප්තිකරතත්වයන් දුරලීමෙනි.

Posted in Uncategorized | Leave a comment

ප්‍රශ්නය හා පිළිතුර(පෙරටුගාමී මලයෙකු හා කළ පුංචි සංවාදය)

මේ අදහස් මනෝරාජික වෙන්නත් පුළුවන්.එහෙත් සැබෑ සමාජවාදී සාධාරන සමාජයක් බිහි කරන්න නම් මේ විදියට හිතන එක ප්‍රයෝජනවත්.ඉතිහාසය නිරීක්ෂනයෙදි එකම පිරිසක් පාලනයෙ යෙදිල තියනවා මිත්‍යාවන් සමාජගත කිරීම තුලින්.බලය හා ගෞරවය ඒකාරාශී වෙලා.ඉඩම මත පදනම්වූ කෘෂිකාර්මික නිෂ්පාදන කිරීමත් ඒවා හුවමාරුකිරීමේ ක්‍රමවේදය තුල අලුත් දෙයක් අවශ්‍ය නැහැ.මෙහිදී නිශ්චිත කන්ඩායමක් සෙසු පිරිස පාලනය කලා.ඒකාකාරී මිථ්‍යාවන් සමාජයේ රජ කළා.සූර්ය වංශික රජුන්,පෙර පින් කළ රදලයන් හා භික්ෂූන් ඊට අයත්.මේ පිරිස සෙසු සමාජය සියළු සාධක වලින්ම සූරා කෑවා.
ඉන් පසු නිශ්පාදන ක්‍රමවේදය වෙනස්වන විට බලය ,ධනය,කීර්තිය,ප්‍රපංචාලය හිමි පිරිස වෙනස් වුනා.සෝවියට් රටවලත් මේකමයි වුනේ.එහි ධනය හැර අනෙක් සියල්ල එක් පිරිසකට සීමා වුනා.
අප උත්සාහ කළ යුත්තේ සැමට සාධාරණ සමාජයක් නිර්මාණය කරන්නයි.වෙනත් මුහුණුවරකින් දුෂ්ට සමාජයක් ගොඩනගන්න නොවෙයි.නමුත් වම දිහා බලන කොට එතන තියෙන්නෙ පක්ෂ පිරමීඩයක්.අප අරගල කල යුත්තේ මේ පිරමීඩ ආකෘතියට එරෙහිව.මාක්ස්වාදය ප්‍රායෝගිකව අත්හදා බැලූ කිසි තැනක මෙම පිරමීඩ ආකෘතිය ප්‍රශ්න කර නැහැ.ඔබ ජවිපෙහි සිටියානම් දන්නවා ඇති එහි ප්කෂ පිරමීඩය ධනපති පක්ෂවලටත් වඩා දරුණු බව.මේවා මග හෙළිකරන්නේ නියත ආඥාදායකත්වයටයි.
අප කළ යුත්තේ විසංයෝජනයයි,ඌණනය නොවෙයි.
මම යෝජනා කරනවා පොත් වල ලියා ඇති ශුද්ධ වාක්‍යවලින් එහා ගොස් හිතන්න කියලා.වචන උඩප්පරන් ගැසීමෙන් කිසිවක් සොයා ගන්න බැහැ.සිතන්න එපා 19 වන සියවසේ ජීවත් වූ කිසිම කෙනෙක් සර්වඥ කියා.

සියල්ලෝම එකිනෙකාගෙන් වෙනස්ය.විවිධ කුසලතා අතින් මිනිසුන් එකිනෙකාගෙන් වෙනස්වන්නේ එනිසාය. එකිනෙකා ගේ හැකියාවන් කණ්ඩාය්මට වැදගත්ය .කණ්ඩායමේ සියල්ලෝම එකිනෙකා හදුනති.හැමෝම ඥාතීහුය.විශ්වාසයන් නිසා කණ්ඩායමේ විවිධ ක්‍රියාකාරකම් තිබිය හැක.මේ ආදිකල්පික ස්වාභාවික මිනිස් කණ්ඩායමයි.මෙහි බලවතුන් නැත.ධනවතුන් නැත.කොටින්ම මහා යන විශේෂනය යොදා කියවෙන කිසිවෙකු නැත.

එහි ගායකයෝ සිටියහ.නළුවෝ සිටියහ.කණ්ඩායම ප්‍රබෝධමත් කර කණ්ඩායම මත යැපුනි.

කුඩා කණ්ඩායම මහා සමාජයක් බවට පත්වීමේදී සමාජයේ පැවති පැතලි බව නැතිවී පිරමිඩාකාර විය.ගෝත්‍රික නායකයන් රජවරුන් වුනේ මෙවිටය.නිෂ්පාදන ක්‍රමවේද සංකීර්න වන විට පසු කලෙක ධනවතුන්ද බිහිවිය.ධනය හා බලය ඒකරාශී විය.මුලින් බලයද පසුව ධනයද වශයෙනි.

ඒකක ප්‍රසාරඇන්යේදී ඒකකයක වූ ඒකක වටිනාකමද ප්‍රසාරණැය විය.ඒකක වටිනාකම යනු පුද්ගලයන් අතර නිෂ්පාදන ශක්තියේ වෙනසයි.එහෙත් මේ වෙනස ව්‍යාජ අධිස්වාභාවිකත්වයක් ආරෝපනය කෙරේ.පිරමිඩය නිර්මාණැය වීමේදී එය සිදුවිය.සමාජ විකාශනයේ අර්බුදය මේ පිරමිඩය නිර්මාණය වීමයි.මෙයට හේතුව ආරක්ෂාව හෝ වෙනයම් කරුණැක් විය හැක.

කළ යුත්තේ කුමක්ද .ධනය ඒක රාශී වීම ගැන පමණැක් අවධාන්ය යොමු කෑර බලය ඒකරාශී වීම නොතකා හැරීමද.නැත.ගැටළුවේ මුල සොයාගැනීමය.ගැටළුවේ මුල පිරමිඩයයි.එනිසා කළ යුතේ එය වෙනස් කිරීමයි.

අප සමාජය කුඩාසමාජ දහස් ගනනක එකතුවක්.මෙහි සැකැස්ම සිදුවන්නේ සමාන්තරව නොවෙයි පිරමිඩාකාරව.මූලිකව මෙම ගැටළුව හදුනාගන්න ඕන.මිනිස්සු එකිනෙකාගෙන් වෙනස්.ඒත් ඒ සැබෑ වෙනස්කම් තුලින් පිරමිඩයක් හැදෙන්නෙ නෑ.එහෙනම් ඇයි පිරමිඩයක් හැදිල තියෙන්නෙ .අන්න එතන විකෘතියක්.

ඉස්සර ගමක ගම් ප්‍රධානිය කාලයත් එක්ක රජු වුනා.ගාමණී ,පරුමක,රජු වූ හැටි අපේ වංශකතාවල බලන්න.රජුන් බිහිවූ හැටි බයිබලයෙත් ලස්සනට කියල තියනව.එක ගමක ගම්පති තමා මුලු රටේම රජු වුනේ.ඒ පිරමිඩය මෙසේ සකස් වෙන්න ඉස්සර සියළු ගම්පතිවරු සමානයි.ඊට පස්සෙ රදලයන් ලෙස තව පිරිසක් සකස් වුනා .මෙන්න මෙහෙම වුනා.පූජකයනුත් එහෙමයි.
ජනමතය නියෝජනය නොකරන වර්තමාන මැතිවරන ක්‍රමය තුලින් සියනෑ කෝරලේ රදලයන් අපෙත් පාලකයො වුන හැටි දැක්කනෙ.ඒ වගෙ තමයි.බලය,ධනය,ප්‍රපංචාලය හා කීර්තිය යන සියල්ලෙන්ම පිරමිඩාකාර ආකෘතියට එරෙහිව අරගල කල යුතුයි.මෙය ධනයට පමනක් සීමා වෙන්නෙ නෑ.

හිතන්න සීමා මායිම් නැතිව හිතන්න.ඔබ පුංචි මිනිහෙක් වෙන්න පුළුවන්.ඒත් කිසිවෙක් ලොකු නැහැ.කාලය විසින් හා මාධ්‍ය විසින් ධනය යොදවා ගොඩ නැගූ කිසිම පිළිමයකට බිය නොවන්න.

Posted in Uncategorized | Leave a comment

සාධාරණ යහපත් සමාජයක් යනු කුමක්ද ( අධානග්‍රාහී නොවන විග්‍රහයක් )

අහුලන් කන දඩයමේ යන ඈත අතීතයේ මිනිස් රංචු නිෂ්පාදනය කළේ තමන් අහුලා ගත් දේ සහ දඩයම් කළ දේය.මෙහිදී ද තාක්ෂනයක් භාවිතා විය.එසේම මෙම සමාජයේ තාක්ෂණික දැනුම සහිත අය සෙසු අයට වඩා ඉදිරියෙන් සිටියහ.මෙහිදී නිෂ්පාදනය යන්න අපි කෙසේ අර්ථ දක්වමුද? කුමක්ද නිෂ්පාදනය කරන්නේ? ආහාර ,ඇදුම් පැළදුම් පමනක්ද ? ලෞකික හා ලෞකික නොවන ප්‍රවාදයන්ද නිෂ්පාදිතය ලෙස හදුන්වමු.එනම් දෙවිවරු,මරණින් මතු ජීවිතය වැනි සියළු ආකාරයේ දැනුම නිෂ්පාදිතයයි.මෙම නිෂ්පාදිතය නිෂ්පාදනය කරන ක්‍රමවේදයන් ඇත.මේ ක්‍රමවේදයන් එකිනෙක සමාජ වලට වෙනස්ය.මේ හේතුවෙන් එක් සමාජයක් අනෙක් සාමයෙන් වෙනස් වේ.එසේම මෙම කරුණ මත කලින් කලට සමාජය වෙනස් වේ.

නිෂ්පාදන ක්‍රමවේදයට දක්වන දායකත්වය අනුව එකම සමාජයේ පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගෙන් වෙනස් වේ.ඒ අනුව සමාජයක පුද්ගලයන් එකිනෙකා අතර වෙනස්කම් දැකිය හැකි අතර ඊට හේතුව මේ නිෂ්පාදන ක්‍රමවේදයට ඒ ඒ පුද්ගලයන් දක්වන දායකත්වය වෙනස් වීමයි.උදාහරනයකට අනුව පුරාන මිසරයේ පූජකයා නිෂ්පාදන ක්‍රමවේදයට දක්වන දායකත්වය පාරාවෝගෙන් වෙනස්ය.මෙහිදී ඊලඟ ගැටලුව මතු වෙයි.

ඊලඟ අදහස දායකත්වය දැක්වීමේ අවස්ථව යන්නයි.පුරාන සමාජයේ මෙම අවස්ථාව ලැබුනේ පරම්පරාවෙනි.ඊට හේතුව රුධිරගත හෝ වෙනත් ගුප්ත ක්‍රමයකට පරම්පරාවෙන් උරුමය ලැබීම එදා පිළිගත් බැවිනි.එය එදා දැනුමට සාපේක්ෂය.

අප මානව සමාජයේ මූලික තැනුම් ඒකකයක් ගැන කතා කරමු.මෙහිදී එකිනෙකා දන්නා හදුනන කුඩා සමාජය තුල පුද්ගල සම්මුතියක් විය.එක් එක් පුද්ගලයා එකිනෙකාගේ අවශ්‍යතා සදහා සම්මුතිගතව සිටියේය.ජනගහනය වැඩිවීමෙන් හෝ ගෝත්‍ර ඒකාබද්ධ වීමෙන් මහා සමාජයක් බවට පත් වූ පසු ඉහත කී කුඩා ඒකක රාශියක් අර මහා සමාජයේ දක්නට ලැබුනි.මෙහිදී මෙම මහා සමාජයේ සම්මුතිය දක්නට ලැබුනේ සිරස් පිරමිඩයක විලසිනි.

වඩුවෙකු පුටුවක් සාදයි.මෙම පුටුව පුටුවක් අවශ්‍ය කෙනෙකුට වික්කා කියමු.එවිට ගැටළුවක් නැත.නමුත් කෙනෙක් වඩුවා සේවයේ යෙදවූවායි සිතමු.එවිට වඩුවා පුටුව සෑදීමට තම කායික හා මානසික ශ්‍රමය වැය කරයි.වඩුවාගේ ස්වාමියා පුටුව රුපියල් 100 කට විකුණා වඩුවාට රු 75 ක් දෙයි.වඩුවා ඉතිරි රු 25ත් ඉල්ලා සිටීම හරිද?

වඩුවා සේවයේ යෙදවූ තැනැත්තා පුටු විකිනීම කළමනාකරනය කළ යුතුය.මේ ඉතිරි රු 25 කළමනාකරන සංචිතය වේ.එසේම මෙය ශ්‍රමය  වැයකළ පුද්ගලයාට හිමි ඊනියා අතිරික්ත වටිනාකමක් නොවේ.එහෙම දෙයක් නැත.වඩුවා ලැබුවේ ඔහුගේ උපරිම හිමිකමයි.නිෂ්පාදන හා බෙදා හැරීමේ ක්‍රමවේදය තුල වඩුවාගේ භූමිකාව එසේය.මේ ක්‍රමවේදය වෙනස් වන විට මෙහි දායකත්වය දක්වන පුද්ගලයන්ද වෙනස් වේ.ධනය රැදෙන්නේ කොහිදැයි තීරණයවීම නිෂ්පාදන ක්‍රමවේදය නිසා ගොඩ නැගුන ව්‍යුහයේ සැකැස්ම අනුව තීරනය වේ.

සීනිබෝලයක් වැනි දෙයකින් එක් ඒකකයකට ලැබෙන්නේ ඉතා සුළු මුදලකි.සීනිබෝල වැනි දේවල් වල එක් ඒකකයකින් ඉතා සුළු ලාභයක් ලැබෙන අතර එම ව්‍යාපාර කරන අය ලොකු ධනයක් උපයන්නේ මෙම ඒකක සංඛ්‍යාව විශාල නිසාය.එසේම ටියුෂන් පංති කර අති විශාල වශයෙන් මුදල් උපයන තැනැත්තා කිසිදු සූරාකෑමක් කර නැත.මෙහිදීද ඔහුගේ ධනය වැඩි වන්නේ ඒකක සංඛ්‍යාව වැඩි වීමමතය.ධනය පමනක් නොව වෙනත් ව්‍යුත්පන්නයන් උදෙසාද මෙම නියාමය සත්‍ය වේ.

සමාජ ව්‍යුහයේ විවිධ සංරචක ඇත.අන්ධයා අලියාගේ හැඩරුව කී ලෙස නොව සමස්තය දෙස බලන විට එක තැන ගල් ගැසුන සමාජ ව්‍යුහයක් වෙනුවට සංසරණය වන්නක් හදුනා ගත හැක.මෙවිට විවිධ සමාජ ඵලයන්ගේ හිමිකාරීත්වය විවිධ පුද්ගලයන් නිෂ්පාදන ක්‍රමවේදයට දක්වන දායකත්වය මත තීරණය විය හැක.

කුඩා ඒකක තුල ඒකක ලාභය වැනි දෙයක් තිබෙනවාට වඩා එය විස්තරනය වූ විට එහි ප්‍රබලත්වය වැඩිය.මෙය ධනයට පමනක් නොව සියල්ලටම පොදුය.බලය උදාහරනයකට ගනිමු.මෙයද වඩාත් ප්‍රචන්ඩ වන්නේ විස්තරනයේදීය.නමුත් ධනය ට වඩා බලය මහා සමාජය නිර්මාණය වීමේදී තීරණාත්මකය.කුඩා සමාජය විස්තරනය වීම අනිවාර්ය වන අතර එහිදී සිරස් සමාජ පිරමිඩය ගොඩ නැගීම ද අනිවාර්යය.
මෙහි පීඩක පීඩිත පන්තියැයි දෙයක් නැත.එහෙත් එසේ පුද්ගලයන් සොඉටිය හැක.මේ කිසිවක් රේඛාවකින් වෙන් කර නිරන්තර ගැටුම්කරී කන්ඩායම් ලෙස විග්‍රහ කිරීමත් එම ගැටුම් තුලින් සමාජය ඉදිරියට වනවායැයි කීමත් මෝඩ කමකි.
සමාජය ඉදිරියට යන්නේ නිෂ්පාදන ක්‍රමවේදය වෙනස් වන නිසාය.එහිදී සමාජ පිරමිඩයේ හැඩය වෙනස් වේ.සමානාත්මත සමාජයක් ගොඩ නැගීමට කාට හෝ අවශ්‍ය නම් මෙම විස්තාරනය අඩු කළ යුතුය.එනම් සමාජය හැකිතාක් කුඩා හා සරල කළ යුතුය.

මේ අරමුණ සඳහා කරන වෙනත් සෑම ප්‍රයත්නයකින්ම සිදුවන්නේ තත්වය තවත් නරක අතට හැරී තිබුනාටත් වඩා නරක සමාජයක් බිහි වීමය.

ඇත්තටම සාධාරණ සමාජයක් පතන්නේනම් කළ යුත්තේ කුමක්ද? පුද්ගල සුවිශේෂීතාවය මෙන්ම සමූහ සුවිශේෂීතාවයද ප්‍රතික්ෂේප කිරීමය.දේශපාලන පක්ෂය සමූහ සුවිශේෂීතවයට හොඳ උදාහරනයකි.කළ යුත්තේ උපරිම විමධ්‍යගතකරනයයි.එක් අයෙකුට යම් තනතුරක් දැරීමට යම් කාලසීමාවක් පනවමින් වැඩි දෙනෙකුට එම අවස්ථාව හිමි කර දීම එක් සාර්ථක ක්‍රමයකි.හැකි පමන විශේෂ ප්‍රාගුණ්‍යට එරෙහි විය යුතුය.පුද්ග්ල වෙනස්කම් එතරම් බලනොපාන්නේ සැබවින්ම තිබෙන්නේ ක්‍රියාවලියක් බැවින් පුද්ගලයාට තමන්ටම ආවේණික වූ අති සුවිශේෂ භූමිකාවක් නැති තරම් බැවිනි.

Posted in Uncategorized | 4 Comments

ජාතිය ජාතිවාදය හා ජාතකය (මාක්ස්වාදී ගිරවුන්ට අභියෝග )

මාක්ස්වාදීන් අවුලෙන් අවුලට පත්වෙන එක් ක්ශේත්‍රයක් නම් ජාතිය හා ජාතිවාදය ගැන කරන සංවාදයයි.ඊට හේතුව ඔවුන් ආගමක් ලෙස විශ්වාස කරන මාක්ස්වාදයේ ඉගැන්වීම් වචනානුසාරයෙන් පිළිගැනීමයි.මාක්ස්වාදීන්ගේ මේ මුග්ධබව හොඳින් තේරුම්ගෙන ඔවුන්ව බළල් අත් ලෙස පාවිච්චි කිරීමට ත්‍රස්තවාදී කන්ඩායම් සමත් වෙති.එසේම මාක්ස්වාදීහු මෙම ප්‍රශ්නයේදී කොයි තරම් තකතිරුවන්දැයි කිවහොත් ඔවුන්ම පොදු සතුරා ලෙස දකින අධිරාජ්‍යවාදීන්ට සහාය දෙති.මාක්ස්වාදය යනු අන්ධ ආගමික නිකායකි.ඇදහිලි කල්ලියකි.

මුලින්ම ලෝකය සාර්ව ඒකකයක් ලෙස අවබෝධ කර ගනිමු.ඊනියා නව ලෝකය සොයා ගැනීමෙන් පසු එය ස්ථිරවම එක් ඒකකයක් විය.ඊට පෙර කොටස් වශයෙන් පැවති ඒකකය සමස්තයක් බවට පත් වුනේ එහිදීය.මානව සමාජය වර්තමානයේ පවතින ආකාරයට සංවිධානය වීමේදී බලපෑ ඓතිහාසික තත්වයන් වෙයි.ඒ සඳහා බලපෑ ප්‍රධානම සිදුවීම ඊනියා ම්ලේච්ඡයන් යුරෝපය ජනාවාස කිරීමයි.එහිදී ජර්මැනික් ගෝත්‍ර මුළු බටහිර යුරෝපයම ජනාවාස කළේය.මේ ජර්මැනික් ගෝත්‍ර අතරද එකිනෙකා පරයන තරඟයක් විය.

ගෝත්‍ර ජාතියක් බවට පරිවර්තනය වීම ක්‍රම කිහිපයකට සිදුවිය හැක.ගෝත්‍ර කිහිපයක් එක්වීම එකකි.දුටු ගැමුණු යුගයේදී සිංහල ජාතිය බිහිවීම උදාහරණයකි.ස්වදේශික ගෝත්‍ර ස්වීකරනය වී බුදුදහම පදනම් කරගෙන සිංහල ජාතිය බිහිවිය.ඉන්පසුවද   විවිධ ගෝත්‍ර මෙයට බදවා ගන්නා ලදී.තවත් සමහර ගෝත්‍ර ආක්‍රමන තුලින් භූමිය අල්ලා ගෙන ව්‍යාප්ත විය.මෙසේ වීමට අවශ්‍ය මෙය ලොව පුරාම සිදුවිය.සමහර ජාතීන්ගේ දැක්ම වෙනස් විය එය ඔවුන්ගේ ජාතිකත්වයට බාධාවක් නොවීය.ලෝකය සාර්ව ඒකකයක් ලෙස පවත්න අතර මෙම ජාතීන්ද එකිනෙකට බද්ධව පවතී.මේ ඒකාබද්ධතාවය සදහා අධිරාජයා යන සංකල්පය ගොඩ නගන ලදී.මේ අධිරාජයාගේ අභියෝගය වුනේ හැකිතාක් සාමාජිකයන් බදවා ගැනීමයි.මෙහි උච්ඡාවස්ථාව බ්‍රිතාන්‍යයන්ගේ හිරු නොබසින අධිරාජ්‍යයයි.දෙයක් නම් ලෝක දැක්මකි.සිංහලයා එය බුදු දහම තුලින්ද අරාබියා එය ඉස්ලාමය තුලින්ද ලබා ගත්තේය.

මෙය ලොව පුරාම සිදුවිය.සමහර ජාතීන්ගේ දැක්ම වෙනස් විය එය ඔවුන්ගේ ජාතිකත්වයට බාධාවක් නොවීය.ලෝකය සාර්ව ඒකකයක් ලෙස පවත්න අතර මෙම ජාතීන්ද එකිනෙකට බද්ධව පවතී.මේ ඒකාබද්ධතාවය සදහා අධිරාජයා යන සංකල්පය ගොඩ නගන ලදී.මේ අධිරාජයාගේ අභියෝගය වුනේ හැකිතාක් සාමාජිකයන් බදවා ගැනීමයි.මෙහි උච්ඡාවස්ථාව බ්‍රිතාන්‍යයන්ගේ හිරු නොබසින අධිරාජ්‍යයයි.s

ලෝකය ඇල්ලීම සඳහා ජර්මැනික් ගෝත්‍රවල තරඟයක් තිබුන බව අපි දනිමු.මෙය ආරම්භ වුනේ අරාබීන් යුරෝපයෙන් පලවා හැරීමෙන් පසුය.පසු කලෙක ස්ලාව් ගෝත්‍ර නැගෙනහිර යුරෝපය ජනාවාස කරන ලදී.මේ අනුව ලෝක දැක්මක් සහිත ජාතිවාදයන් මෙසේය. ජර්මැනික් ( වර්තමානයේ ඇන්ග්ලෝ සැක්සන් ) ,ස්ලාව් (රුසියන් ),අරාබි,චීන, ඉන්දියාවේ හින්දි බෙල්ට් එක,පහළ ද්‍රවිඩ,චීන ලෙසය.මුලදී ආගම් තම ලෝක දැක්ම ලෙස යොදාගත් මෙම ජාතිවාදයන් පසුව මාක්වාදය වැනි ලෞකික දර්ශන ඒ සදහා යොදාගත්තේය.

කුඩා ජාතීන් තම පැවැත්ම උදෙසා ඉහත කී මහා ජාතිවාදයන් අතර දෝලනය වේ.ජාතිය හා ජාතිවාදය අතර වෙනසක් මෙම ලිපියේ ප්‍රකාශ කර ඇත.ජාතිවාදයක් ක්‍රියාත්මක කළ හැක්කේ විශාල ප්‍රාග්ධනයක්,අන්‍යයන් කෙරෙහි ප්‍රතිරෝධී අරමුණක්,ලෝක මට්ටමේ බලයක්, ලෝක මට්ටමින් පැතිරුන ජනරාශියක් සහිත ජාතීන්ටය.දැන් නම් බොහෝ ජාතීන් ආගම්තුලින් ලෝක දැක්ම යන අවශ්‍යතාවය සම්පූර්න කර සිටිති

.
ලෝකය නම් සාර්ව ඒකකයේ මේ ජාතිවාදයන් අතර තරඟය මිස පීඩක ජාතීන් හා පීඩිත ජාතීන් කියා නැත.කිසියම් කරුනක් නිසා කිසියම් පිරිසක් පීඩවට පත්වීම වෙනත් පිරිසකගේ පීඩක බවක් මත ඇතිවන්නක් නොවේ.එසේනම් ගමකට ආ කාට හෝ ගමේ මිනිස්සු අල්ලගෙන ගැහුවොත් මාක්ස්වාදීන්ට අනුව එය ග්‍රාමවාදයකි.

ඉහත කී මහා ජාතිවාදයන් හැරුන විට කුඩා ජනකොටස් ලොව පුරා විසිරී සිටිති.අර මහා ජාතිවාදයන් එකිනෙකා හා ගැටෙන විට කුඩා ජනකොටස් ඒවාට යම් ප්‍රතිරෝධයන් දක්වති.මෙය තේරුම් ගත හැක්කේ එලෙසය.

Posted in Uncategorized | Leave a comment

ගෑණියෙක්ව සතුටු කරන්න පුලුවන් ක්‍රම 45 ක්.

 

මේ සටහන් තිබුනේ අන්තර්ජාලේ… මුනු පොතේ පිටුවක……. කියවලාම ඉතුරු ටික කථා කරමු….ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්.

1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.

2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.

3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.

4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.

5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.
මේ දේවල් අමතක කරන්නත් එපා . . .

6. ඇයව වැළඳගන්න.

7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.

8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.

9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.

10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.
නිදහස් තැන්වලදී . . .

11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.

12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.

13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.

14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.

15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා.
ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?

16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.

17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.

18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.

19. ඇය ලස්සන බව ඇයට පවසන්න.

20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න.
ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න

21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.

22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.

23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.

24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න

25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි.
ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා

26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.

27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.

28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.

29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.

30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.
ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි

31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.

32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.

33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.

34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.

35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි
ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න

36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.

37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.

38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.

39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.

40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න.
ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.

41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.

42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.

43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.

44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.

45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න……..

Posted in Uncategorized | 29 Comments