ජනතාව සක්‍රියව පාලනයට සම්බන්ධ වන ජනමතය පැහැදිලිව නිරූපනය වන පහල සිට උඩට ගලා යන ක්‍රමයක් අවශ්‍යයි

අපට හුරු වර්තමානයේ පැවැත්වෙන මැතිවරණ වලින් ජනමතය නිසිලෙස නිරූපනය නොවන අතර එහිදී චන් දීමට මනස සකස් කිරීමක් සිදුවෙයි.චන්දය ගැසට් කර එය පවත්වන දින දක්වා ජනතාවට යම් බලයක් ලැබෙන බව ඇත්තකි.එහෙත් දේශපාලනයට ජනතාව සක්‍රිය ලෙස දායක කර ගැනීමක් නැත.මෙම ද්විපක්ෂ ක්‍රමය තුලින් ජනතාවට අනිවාර්ය විකල්ප දෙකක් ඉදිරිපත් කරයි.වෙනසක් ප්‍රායෝගික නැත.මේ ද්විපක්ෂ ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේම විකෘතියක් ලෙසය.කැපුවත් කොළ හා කැපුවත් නිල් යැයි විශාල පිරිසක් සිටිති.මේ පිරිසෙන් සැළකිය යුතු පිරිසක් තමන්ට ලැබුන පුද්ගලික වාසි හෝ පීඩා නිසා මනෝවිද්‍යාත්මකව පක්ෂ සමඟ බැඳුන අය වෙති.

පැරණි වැඩවසම් ක්‍රමයේ නෂ්ඨාවශේයක් වන මේ තත්වය ලංකාවට පමනක් ආවේණික වූවක්ද.මට හිතෙන ලෙස ලෝකයේ බොහෝ රටවල තිබෙන ද්විපක්ෂ ක්‍රමය තුල මීට සමාන තත්වයක් දක්නට ලැබෙන බවයි.තුන් වැනි බලවේගයකට හිස එසවීම ඉතා අමාරු මේ නිසාය.මට නම් හමුවී අත්තේ එවැනි එක් උදාහරනයක් පමණි.ඒ බ්‍රිතාන්‍යයේ ලිබරල් පක්ෂය වෙනුවට කම්කරු පක්ෂය ආදේශ වීම්මය.

මෙසේ කෙළෙහිගුන සැළකීම හා වෛරය නිසා පුරුද්දට චන්දෙ දානවානම් කෝටි ගනන් වියදම් කර චන්ද තියන එකත් තේරුමක් නැත.මෙයට විසදුම කුමක්ද

යම් තරමකට හෝ අපේ සමාජය නිර්දේශපාලනීකරනය කළ යුතුය.ජනතාව හා දේශපාලනඥයා අතර සම්බන්ධය  වන්නේ ප්‍රධාන වශයෙන්ම රැකියා සොයාගැනීමය.කොන්ත්‍රාත් ,ටෙන්ඩර් ගැනීමට හොරෙන් කැළෑකැපීමට දේශපාලකයන් සොයා යන්නේ සීමිත පිරිසකි.බහුතරයක් කොඩිවැල් එල්ලන්නේ පෝස්ටර් ගහන්නේ රැකියාවක් සොයා ගැනීමේ අහිංසක ඕනෑකා නිසාය.

රැකියා කරන්නන්ගෙන් අති බහුතරය පෞද්ගලික අංශයේ රැකියා කරන අයයි.ඔවුන්ට දේශපාලකයන් අවශ්‍ය නැතැයි සිතමු.රජයේද සියළුම පත්කිරී බඳවාගැනීම් පටිපාටි මඟින් විනිවිද යන ආකාරයට කිරීමෙන් දේශපාලකයා පැත්තකට කර තැබිය හැක.දේශපාලකයා ඉවත් කළ සැනින් දූෂණය නවතින්නේ නැත.නිළධාරීන් ඇතැම්විට දේශපාලකයන්ට ඉදිරියෙනි.මෙහිදී අප කතා කරන්නේ ජනතාව දේශපාලනිකව බලගැන්වීමට වැඩවසම් පුරුදු බලපාන නිසා එයට විසදුම කුමක්ද කියායි.දූෂනය වැනි දේ වෙනමම කතා කළ යුතුය.රාජ්‍ය සමඟ පුරවැසියා දැඩි ලෙස බැඳී සිටින කියුබාව වැනි රටක සියල්ල රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන විට නිදහස පිළිබද ගැටළු ඇතිවේ.රජය කුදු මහත් සියල්ලේදීම මඟපෙන්වන්නා ලෙස සිටිය යුතු නැත.ජවිපෙ ,හෙළ උරුමය, පෙරටුගාමී වැනි මතවාදී පක්ෂ බිහිවීම මෙම ක්‍රමයට අභියෝගයක් වුවත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නැත.

 මැතිවරණ දේශපාලන පක්ෂ ක්‍රමයෙන් බැහැරව පවත්වන්නට බැරිද.සම්පූර්ණයෙන්ම පක්ෂ ක්‍රමය බැහැර කිරීමක් නොවේ.එහිද බොහෝ ප්‍රයෝජනවත් පැති ඇත.එහෙත් හැකිතාක් පක්ෂ ක්‍රමයට විකල්ප සොයායමින් එහි දුර්වල තැනවලට ආදේශ තබමින් මහජනයා සමබන්ධ කරගැනීමට හැකිතැන් වලට එසේ කරමින් යම් සාර්ථක ක්‍රමවේදයක් සොයා යාම වැදගත්ය.ලංකාවේ දේශපාලන පක්ෂ වැඩවසම් රාමුවක සකස් වූවකි.පක්ෂවල නායකත්වය පරම්පරාවෙන් ඒමෙන් එය පෙනේ.යහපත් සමාජයක් ප්‍රාර්ථනා කරන සැමකෙනෙක්ම මේ පිරමිඩාකාර ව්‍යුහයට එරෙහි විය යුතුය.ගම්පහ දිස්ත්‍රික්කයේ සාම්ප්‍රදායික ප්‍රභූන් රටේම සාම්ප්‍රදායික ප්‍රභූන් වීම ප්‍රජාතන්ත්‍රවාදී ද්විපක්ෂ ක්‍රමය අතීත ඍජු වැඩවසම්වාදය හා බද්ධ වීමට හොඳ නිදසුනකි.

ක්‍රම සකස් විය යුත්තේ අසහනනයන් දුරු වන ලෙසය.ඉතිහාසයේ මහා ලේ වැගිරීම්වල සැබෑ හේතු නිරීක්ෂනය කිරීමේදී ජනමතය පිළිබිඹු නොවීම ප්‍රධාන හේතුව වූ බව පෙනේ.1989 ලංකාව ලේ ගංගා ගලා ගිය වසරකි.ඊට හේතුව ජවිපෙ රාජ්‍ය බලය මැර බලයෙන් අල්ලාගැනීමට කළ උත්සාහයයි.එහෙත් ජවිපෙ නිරපරාදේ තහනම් කරමින් කැලයට තල්ලු කලේ එජාප ආන්ඩුවයි.ජවිපෙ අයගේ මනහ්කල්පිත පන්ති අරගල සුරංගනා කතාව පසෙක තබා යථාර්ථය විමසුවොත් ඇත්තෙන්ම එකළ තරුණයන් සිටියේ අසහනයෙනි.මන්ද රැකියා ලැබුනේ  පරම්පරාගත යූඇන්පී හංවඩුවටය.තරුණ අසහන කොමිසමේ වාර්තාවේද සඳහන් වන්නේ සුදුසුකම් අනුව බඳවාගැනීමේ පටිපාටියක් මත රැකියා දීමේ අවශ්‍යතාවයයි.

උතුරේ අසහනයට සැබෑ හේතුව බල සංසරණයක් සිදුනොවීමයි.බලය ගැන පිපාසයකින් සිටි අමිර්තලිංගම්ලාට චෙල්වනායගම්ලාට මන්ත්‍රී දූරයකින් හෝ ඇතැක්ම්විට ඇමතිකමකින් සෑහීමට පත්වීමට සිදුවිය.එහෙත් ද්‍රවිඩයෙකුට අගමැති ජනපති වීඅට හැකියාවක් තිබිනිනම්.අන්න එවිට ඔවුන්ටද තෘප්තිය ලැබේ.ගැටුම් වල සැබෑ හේතුව අතෘප්තියයි.සාමාන්‍ය දෙමළ ජනයාට අවශ්‍ය රැකියා වැනි දේවල්ය.උතුරේ හා දකුනේ දෙකේම පරපීඩක ආශාවන් තෘප්ත කර ගැනීම වෙනම ලිපියක කතා කරමු.මෙහිදී දේශපාලාන පැත්තට පමනක් අවධානය යොමු කළෙමි.

තවද භූගෝලීය කොට්ටාස ක්‍රමය ඉක්මවා වෘත්තීන් වැනි කොටස් වලටද ආසන වෙන් කළ හැක.එවිට දැන් තැපැල් චන්දය දමන ලෙසින් කෙනෙකුට තම වෘත්තිය වෙනුවෙන් වෙන්වූ ආසනයට චන්දය දීමට පුලුවන .අද ජනතාව භූගෝලීය සීමාවලටම කොටුවී නැත.(අවස්ථා වරණය ).එසේම තාක්ෂනය දියුණු වී තිබීම නිසා අන්තර්ජාලය හරහා ජනම විචාරනද පැවැත්විය හැක.මෙවනි අංග භාවිතයෙන් අසහනය අඩුකළ හැක.

තවත් වැදගත් දෙයක් නම් ධූරකාලයයි.ලංකාවේ දේශපාලනය උරුමෙට යන්නක් මෙනි.ඊට හේතුව ජනතාව ප්‍රධාන පක්ෂ දෙකට් සීමාවී සිටීමයි.එසේම දේශපාලනයට යන්නෙ හොරාකන්න බව ජනතාවත් දේශපාලකයෝත් පිළිගනිති.දේශපාලකයන් පාරවල් බෝක්කු හැදීමේ වැඩවලින් ඉවත් කළ යුතුය.මාර්ග සංවර්ධන අධිකාරියේ වඩ ,සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වැඩ වලින් මන්ත්‍රීවරයා ඉවත් කළ යුතුය.මෙයින් සිදුවන්නේ නිළධාරීන් හොරාකෑමේ නව සම්ප්‍රදායක් බිහිවීම බව ඇත්ත වුනත් ( ළමයි ඇතුලත් කිරීමේදී විදුහල්පතිවරු හොරාකෑම  මෙන් )දේශපාලනය සුද්ද කරන්නට මෙය අවශ්‍යය.

එසේම ඩොනමෝර් මාදිලියේ ඇමතිදූරයක් යළි අත්හදා බලන්න බැරිද.මෙහිදී කාරක සභාවට විවිධ ක්ශේත්‍රවල නිපුනයන්ද ඇතුලත් කර ඔවුන්ගේද දායකත්වය ගැනීමට පුලුවන.එසේම ඇමතිදූරයද අවුරුදු හතරක් හෝ පහක් ලෙස යම් සීමාවක් හදුන්වා දිය යුතුය.දෙවැන්නාට වගකීම් පුහුණුවද ස්වයංක්‍රීයව ලැබේ.කැබිනට් ක්‍රමය ඇතිවීමට පෙර තිබුනේ විධායක කාරක සභා ක්‍රමයකි.මෙහිදී ඇමතිවරයා කාරක සභාවේ ප්‍රධානියා විය.ඇමතිධූරයකට පත්වීමේ අවස්ථාව වැඩි දෙනෙකුට ලැබේ.ඇමතිවරු ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් විය යුතු නැත.මෙවිට සියළුම මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දීමට වට්ටක්කා පුහුල් ඇමතිකම් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය නැතිවේ.

ජනාධිපති ධූරයටද යම් කාලසීමාවක් අවශ්‍යය.උපරිම වාර ගනන දෙකක් විය යුතුය.ව්‍යවස්ථාදායකයෙන් කැබිනට් මණ්ඩලය ඉවත් කිරීමෙන් පසු ( කබිනට්ටුව තවදුරටත් ව්‍යවස්ථාදායකයට වග කියයි ) බොහෝ අගතීන් අහෝසි වේ.වර්තමානයේ අපරටේ තිබෙන්නේ විධායක ජනාධිපතිවරයෙකු සහිත කැබිනට් ක්‍රමයකි.1977 ට පෙර අගමැතිවරයෙකු සහිත කැබිනට් ක්‍රමයක් තිබූ අතර විධායක ජනාධිපති ක්‍රමය ඊට කොයිතරම් වෙනස්ද කිවහොත් ආණ්ඩු දෙකක් මෙනි.මෙය 2001 දී මෙරට ජනයා අත්දුටහ.ඇමතිවරුන්,අගමැතිවරයා හා අමාත්යාංශ ලේකම් වරු පත් කරන්නේ ජනාධිපතිවරයාය.ඇත්තෙන්ම කැබිනට් මණ්ඩලය නැතිව වුවද ජනපතිටරට පාලනය කළ හැක.සියළු අමාත්‍යාංශ කැමති මොහොතක පවරා ගත හැක.පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක.ඒ අනුව ව්‍යවස්ථාදයකය නිශ්ක්‍රීය වී ඇත.

මේ අනුව විධායක ජනපතික්‍රමය දැඩි පුද්ගලාභිවන්දනයක් බව පෙනේ.ඇමරිකාවේ මෙය උපරිමයෙන් ප්‍රදර්ශනය වේ.එහෙත් එරට වර්ධනය වී ඇති සම්ප්‍රදායන් නිසා එහි හානිකර බව අඩුය.වසර හතරෙන් හතරකට වරක් ජනාදිපතිවරයා පත් කෙරේ.උපරිම වසර අටක් දූරය දරන නිසා හානියක් ඇත්තේම නැත.කැබිනට් ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක වුනේද එංගලන්තයේ මෙන් සමානයන් අතර ප්‍රමුකයෙකු ලෙස නොවේ.අමාත්‍ය මණ්ඩලයෙන් වියුක්ත ප්‍රධානියෙකු ලෙසය.

වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් සකස් කර ගන්නේ  පුද්ගල වන්දනය අහෝසි කිරීමෙනි.ඇත්තෙන්ම පුද්ගලයා යනු පශ්චාත් ගොඩනැංවීමකි.පුද්ගලයා අනිවාර්ය නැත.පුද්ගලයා යාන්ත්‍රනය තුල අංශුවක් පමනි.එහෙත් යාන්ත්‍රනය යන්න අමතක කර පුද්ගලයා ඔසවා තැබීම ගැටළුවයි.කෙටි කාලීන පුහුණුවකින් සාමාන්ය කාර්යයන්ද දිගු කාලීන පුහුණුවකින් වෙනත් කාර්යයන්ද ඕනෑම හෝමෝ සාපියන් සාපියන් කෙනෙකුටම කළ හැකි බව අප විශ්වාස කරමු.අමුතු දේවල් කළ හැකි විශේෂ පුද්ගලයන් නැත.එම නිසා පුද්ගලයාට වඩා වැදගත් යාන්ත්‍රනයයි.යාන්ත්‍රනය තුල පුද්ගලයා අනිවාර්ය නොවන්නේ හානිපූරනය කරගනිමින් ක්‍රියාත්මක වන්නට යාන්ත්‍රනයට හැකි බැවිනි.

යාන්ත්‍රනය  තුල පුද්ගල සංසරනය නිසි ලෙස සිදුවිය යුතුය.එක් ධූරයක් දරන කෙනෙක් ඊලඟට තම ධූරයට පත්වන තැනැත්තාට අවශ්‍ය වන වගකීම් පුහුණුව ලබා දිය යුතුය.දේශපාලනයේ ඉහළ තනතුරු වලට භේද වලින් තොරව වැඩි පිරිසකට පත් වීමට ඉඩ දීමෙන් වඩා යහපත් සමාජයක් බිහිවේ.යාන්ත්‍රනය කාර්යක්ෂ්ම නිසා ධූරයන්ට පත්වන අයටද කාර්යක්ෂ්ම වන්නට සිදුවේ.එකවර ලොකු විපර්යාස කරන්නට බැරිය.යමක් වෙනස් විය යුත්තේ සෙමෙනි.මෙවැනි යාන්ත්‍රනයක් සකස් කර ගන්නේ කෙසේදැයි බලමු.දැනට පුද්ගලයා අත භ්‍රමනය වන අකාර්යක්ෂ්ම අසාර්ථක ක්‍රමය කිසියම් පරිණාමයකට ලක් කර ගැනීමට ඉතා සරල ප්‍රතිකර්මයක් යෝජනා කිරීමට කැමැත්තෙමු.මෙය පැලැස්තරයක් වැනි ඉතා සරල දෙයකි.එහෙත් වෙනස අති විශාලය.

පක්ෂ නිළධාරී මණ්ඩලයක ඒකාධිකාරයට වඩා තම මැතිවරණ කොට්ටාසයේ තමන් කැමති පැත්තට චන්දය දී ස්වයංක්‍රීයව පක්ෂය නම් කළ කෙනා පත්වීට ඉඩ හැරීමට වඩා තමන්ටද තේරීමක් කිරීමට ඉඩ සැළසීම යහපති.මෙය සමානුපාත කේවළ ක්‍රම මිශ්‍රණයකි.(පුද්ගල වරණය )මේ වෙනස යෝජනා කරන්නේ ඡන්ද ක්‍රමයේය.දැනට තිබෙන මැතිවරන ක්‍රමයම ගනිමු.කේවළ ක්‍රමයෙන් ජනමතය නිසිලෙස නිරූපනය නොවන නිසා  සමානුපාතික ක්‍රමය ගෙනාවතෙහිද අඩුපාඩු ඇත.

එසේම ව්‍යවස්ථාදායකය ජනතාව මත ස්ථාවරව පිහිටුවිය යුතුය.එනම් ව්‍යවස්ථාදායකයට මන්ත්‍රීවරයා පත් කළ යුත්තේ චන්ද විද්‍යාලයකිනි.මෙම චන්ද විද්‍යාලය පත් කරන්නේ ජනතාව විසින් ඍජුවමය.එනම් ඇතිවරණ කොට්ටාසයකට චන්දදායකයන් ලක්ෂයක් සිටිති.ගම් ආසන්න  වශයෙන් දෙසීයකි.චන්ද විද්‍යාලය දෙසීයකින් සමන්විත වෙයි.මෙම දෙසීය පත් කරන්නේ ඍජු මහජන චන්දයෙනි.ඒ අනුව එක ගමකට එකෙකි.මේ චන්ද විද්‍යාලයෙන් මන්ත්‍රීවරයා පත් කෙරේ.මන්ත්‍රීදූරයටද කාලසීමාවක් ඇත.ඉන් පසු වෙන කෙනෙකුට අවස්ථාව ලැබේ.මේ අනුව පුද්ගල සංසරණයක් ඉතා අපූරුවට සිදුවේ.මෙහිදී සමස්ත සමාජයේම බල අසහනය දුරුවේ.

අප විද්‍යාත්මක විසදුම් සෙවිය යුත්තේ සැබෑ ගැටළුව සොයාගෙන ඊට තුඩුදුන් අතෘප්තිකරතත්වයන් දුරලීමෙනි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s