ප්‍රශ්නය හා පිළිතුර(පෙරටුගාමී මලයෙකු හා කළ පුංචි සංවාදය)

මේ අදහස් මනෝරාජික වෙන්නත් පුළුවන්.එහෙත් සැබෑ සමාජවාදී සාධාරන සමාජයක් බිහි කරන්න නම් මේ විදියට හිතන එක ප්‍රයෝජනවත්.ඉතිහාසය නිරීක්ෂනයෙදි එකම පිරිසක් පාලනයෙ යෙදිල තියනවා මිත්‍යාවන් සමාජගත කිරීම තුලින්.බලය හා ගෞරවය ඒකාරාශී වෙලා.ඉඩම මත පදනම්වූ කෘෂිකාර්මික නිෂ්පාදන කිරීමත් ඒවා හුවමාරුකිරීමේ ක්‍රමවේදය තුල අලුත් දෙයක් අවශ්‍ය නැහැ.මෙහිදී නිශ්චිත කන්ඩායමක් සෙසු පිරිස පාලනය කලා.ඒකාකාරී මිථ්‍යාවන් සමාජයේ රජ කළා.සූර්ය වංශික රජුන්,පෙර පින් කළ රදලයන් හා භික්ෂූන් ඊට අයත්.මේ පිරිස සෙසු සමාජය සියළු සාධක වලින්ම සූරා කෑවා.
ඉන් පසු නිශ්පාදන ක්‍රමවේදය වෙනස්වන විට බලය ,ධනය,කීර්තිය,ප්‍රපංචාලය හිමි පිරිස වෙනස් වුනා.සෝවියට් රටවලත් මේකමයි වුනේ.එහි ධනය හැර අනෙක් සියල්ල එක් පිරිසකට සීමා වුනා.
අප උත්සාහ කළ යුත්තේ සැමට සාධාරණ සමාජයක් නිර්මාණය කරන්නයි.වෙනත් මුහුණුවරකින් දුෂ්ට සමාජයක් ගොඩනගන්න නොවෙයි.නමුත් වම දිහා බලන කොට එතන තියෙන්නෙ පක්ෂ පිරමීඩයක්.අප අරගල කල යුත්තේ මේ පිරමීඩ ආකෘතියට එරෙහිව.මාක්ස්වාදය ප්‍රායෝගිකව අත්හදා බැලූ කිසි තැනක මෙම පිරමීඩ ආකෘතිය ප්‍රශ්න කර නැහැ.ඔබ ජවිපෙහි සිටියානම් දන්නවා ඇති එහි ප්කෂ පිරමීඩය ධනපති පක්ෂවලටත් වඩා දරුණු බව.මේවා මග හෙළිකරන්නේ නියත ආඥාදායකත්වයටයි.
අප කළ යුත්තේ විසංයෝජනයයි,ඌණනය නොවෙයි.
මම යෝජනා කරනවා පොත් වල ලියා ඇති ශුද්ධ වාක්‍යවලින් එහා ගොස් හිතන්න කියලා.වචන උඩප්පරන් ගැසීමෙන් කිසිවක් සොයා ගන්න බැහැ.සිතන්න එපා 19 වන සියවසේ ජීවත් වූ කිසිම කෙනෙක් සර්වඥ කියා.

සියල්ලෝම එකිනෙකාගෙන් වෙනස්ය.විවිධ කුසලතා අතින් මිනිසුන් එකිනෙකාගෙන් වෙනස්වන්නේ එනිසාය. එකිනෙකා ගේ හැකියාවන් කණ්ඩාය්මට වැදගත්ය .කණ්ඩායමේ සියල්ලෝම එකිනෙකා හදුනති.හැමෝම ඥාතීහුය.විශ්වාසයන් නිසා කණ්ඩායමේ විවිධ ක්‍රියාකාරකම් තිබිය හැක.මේ ආදිකල්පික ස්වාභාවික මිනිස් කණ්ඩායමයි.මෙහි බලවතුන් නැත.ධනවතුන් නැත.කොටින්ම මහා යන විශේෂනය යොදා කියවෙන කිසිවෙකු නැත.

එහි ගායකයෝ සිටියහ.නළුවෝ සිටියහ.කණ්ඩායම ප්‍රබෝධමත් කර කණ්ඩායම මත යැපුනි.

කුඩා කණ්ඩායම මහා සමාජයක් බවට පත්වීමේදී සමාජයේ පැවති පැතලි බව නැතිවී පිරමිඩාකාර විය.ගෝත්‍රික නායකයන් රජවරුන් වුනේ මෙවිටය.නිෂ්පාදන ක්‍රමවේද සංකීර්න වන විට පසු කලෙක ධනවතුන්ද බිහිවිය.ධනය හා බලය ඒකරාශී විය.මුලින් බලයද පසුව ධනයද වශයෙනි.

ඒකක ප්‍රසාරඇන්යේදී ඒකකයක වූ ඒකක වටිනාකමද ප්‍රසාරණැය විය.ඒකක වටිනාකම යනු පුද්ගලයන් අතර නිෂ්පාදන ශක්තියේ වෙනසයි.එහෙත් මේ වෙනස ව්‍යාජ අධිස්වාභාවිකත්වයක් ආරෝපනය කෙරේ.පිරමිඩය නිර්මාණැය වීමේදී එය සිදුවිය.සමාජ විකාශනයේ අර්බුදය මේ පිරමිඩය නිර්මාණය වීමයි.මෙයට හේතුව ආරක්ෂාව හෝ වෙනයම් කරුණැක් විය හැක.

කළ යුත්තේ කුමක්ද .ධනය ඒක රාශී වීම ගැන පමණැක් අවධාන්ය යොමු කෑර බලය ඒකරාශී වීම නොතකා හැරීමද.නැත.ගැටළුවේ මුල සොයාගැනීමය.ගැටළුවේ මුල පිරමිඩයයි.එනිසා කළ යුතේ එය වෙනස් කිරීමයි.

අප සමාජය කුඩාසමාජ දහස් ගනනක එකතුවක්.මෙහි සැකැස්ම සිදුවන්නේ සමාන්තරව නොවෙයි පිරමිඩාකාරව.මූලිකව මෙම ගැටළුව හදුනාගන්න ඕන.මිනිස්සු එකිනෙකාගෙන් වෙනස්.ඒත් ඒ සැබෑ වෙනස්කම් තුලින් පිරමිඩයක් හැදෙන්නෙ නෑ.එහෙනම් ඇයි පිරමිඩයක් හැදිල තියෙන්නෙ .අන්න එතන විකෘතියක්.

ඉස්සර ගමක ගම් ප්‍රධානිය කාලයත් එක්ක රජු වුනා.ගාමණී ,පරුමක,රජු වූ හැටි අපේ වංශකතාවල බලන්න.රජුන් බිහිවූ හැටි බයිබලයෙත් ලස්සනට කියල තියනව.එක ගමක ගම්පති තමා මුලු රටේම රජු වුනේ.ඒ පිරමිඩය මෙසේ සකස් වෙන්න ඉස්සර සියළු ගම්පතිවරු සමානයි.ඊට පස්සෙ රදලයන් ලෙස තව පිරිසක් සකස් වුනා .මෙන්න මෙහෙම වුනා.පූජකයනුත් එහෙමයි.
ජනමතය නියෝජනය නොකරන වර්තමාන මැතිවරන ක්‍රමය තුලින් සියනෑ කෝරලේ රදලයන් අපෙත් පාලකයො වුන හැටි දැක්කනෙ.ඒ වගෙ තමයි.බලය,ධනය,ප්‍රපංචාලය හා කීර්තිය යන සියල්ලෙන්ම පිරමිඩාකාර ආකෘතියට එරෙහිව අරගල කල යුතුයි.මෙය ධනයට පමනක් සීමා වෙන්නෙ නෑ.

හිතන්න සීමා මායිම් නැතිව හිතන්න.ඔබ පුංචි මිනිහෙක් වෙන්න පුළුවන්.ඒත් කිසිවෙක් ලොකු නැහැ.කාලය විසින් හා මාධ්‍ය විසින් ධනය යොදවා ගොඩ නැගූ කිසිම පිළිමයකට බිය නොවන්න.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s