සාධාරණ යහපත් සමාජයක් යනු කුමක්ද ( අධානග්‍රාහී නොවන විග්‍රහයක් )

අහුලන් කන දඩයමේ යන ඈත අතීතයේ මිනිස් රංචු නිෂ්පාදනය කළේ තමන් අහුලා ගත් දේ සහ දඩයම් කළ දේය.මෙහිදී ද තාක්ෂනයක් භාවිතා විය.එසේම මෙම සමාජයේ තාක්ෂණික දැනුම සහිත අය සෙසු අයට වඩා ඉදිරියෙන් සිටියහ.මෙහිදී නිෂ්පාදනය යන්න අපි කෙසේ අර්ථ දක්වමුද? කුමක්ද නිෂ්පාදනය කරන්නේ? ආහාර ,ඇදුම් පැළදුම් පමනක්ද ? ලෞකික හා ලෞකික නොවන ප්‍රවාදයන්ද නිෂ්පාදිතය ලෙස හදුන්වමු.එනම් දෙවිවරු,මරණින් මතු ජීවිතය වැනි සියළු ආකාරයේ දැනුම නිෂ්පාදිතයයි.මෙම නිෂ්පාදිතය නිෂ්පාදනය කරන ක්‍රමවේදයන් ඇත.මේ ක්‍රමවේදයන් එකිනෙක සමාජ වලට වෙනස්ය.මේ හේතුවෙන් එක් සමාජයක් අනෙක් සාමයෙන් වෙනස් වේ.එසේම මෙම කරුණ මත කලින් කලට සමාජය වෙනස් වේ.

නිෂ්පාදන ක්‍රමවේදයට දක්වන දායකත්වය අනුව එකම සමාජයේ පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගෙන් වෙනස් වේ.ඒ අනුව සමාජයක පුද්ගලයන් එකිනෙකා අතර වෙනස්කම් දැකිය හැකි අතර ඊට හේතුව මේ නිෂ්පාදන ක්‍රමවේදයට ඒ ඒ පුද්ගලයන් දක්වන දායකත්වය වෙනස් වීමයි.උදාහරනයකට අනුව පුරාන මිසරයේ පූජකයා නිෂ්පාදන ක්‍රමවේදයට දක්වන දායකත්වය පාරාවෝගෙන් වෙනස්ය.මෙහිදී ඊලඟ ගැටලුව මතු වෙයි.

ඊලඟ අදහස දායකත්වය දැක්වීමේ අවස්ථව යන්නයි.පුරාන සමාජයේ මෙම අවස්ථාව ලැබුනේ පරම්පරාවෙනි.ඊට හේතුව රුධිරගත හෝ වෙනත් ගුප්ත ක්‍රමයකට පරම්පරාවෙන් උරුමය ලැබීම එදා පිළිගත් බැවිනි.එය එදා දැනුමට සාපේක්ෂය.

අප මානව සමාජයේ මූලික තැනුම් ඒකකයක් ගැන කතා කරමු.මෙහිදී එකිනෙකා දන්නා හදුනන කුඩා සමාජය තුල පුද්ගල සම්මුතියක් විය.එක් එක් පුද්ගලයා එකිනෙකාගේ අවශ්‍යතා සදහා සම්මුතිගතව සිටියේය.ජනගහනය වැඩිවීමෙන් හෝ ගෝත්‍ර ඒකාබද්ධ වීමෙන් මහා සමාජයක් බවට පත් වූ පසු ඉහත කී කුඩා ඒකක රාශියක් අර මහා සමාජයේ දක්නට ලැබුනි.මෙහිදී මෙම මහා සමාජයේ සම්මුතිය දක්නට ලැබුනේ සිරස් පිරමිඩයක විලසිනි.

වඩුවෙකු පුටුවක් සාදයි.මෙම පුටුව පුටුවක් අවශ්‍ය කෙනෙකුට වික්කා කියමු.එවිට ගැටළුවක් නැත.නමුත් කෙනෙක් වඩුවා සේවයේ යෙදවූවායි සිතමු.එවිට වඩුවා පුටුව සෑදීමට තම කායික හා මානසික ශ්‍රමය වැය කරයි.වඩුවාගේ ස්වාමියා පුටුව රුපියල් 100 කට විකුණා වඩුවාට රු 75 ක් දෙයි.වඩුවා ඉතිරි රු 25ත් ඉල්ලා සිටීම හරිද?

වඩුවා සේවයේ යෙදවූ තැනැත්තා පුටු විකිනීම කළමනාකරනය කළ යුතුය.මේ ඉතිරි රු 25 කළමනාකරන සංචිතය වේ.එසේම මෙය ශ්‍රමය  වැයකළ පුද්ගලයාට හිමි ඊනියා අතිරික්ත වටිනාකමක් නොවේ.එහෙම දෙයක් නැත.වඩුවා ලැබුවේ ඔහුගේ උපරිම හිමිකමයි.නිෂ්පාදන හා බෙදා හැරීමේ ක්‍රමවේදය තුල වඩුවාගේ භූමිකාව එසේය.මේ ක්‍රමවේදය වෙනස් වන විට මෙහි දායකත්වය දක්වන පුද්ගලයන්ද වෙනස් වේ.ධනය රැදෙන්නේ කොහිදැයි තීරණයවීම නිෂ්පාදන ක්‍රමවේදය නිසා ගොඩ නැගුන ව්‍යුහයේ සැකැස්ම අනුව තීරනය වේ.

සීනිබෝලයක් වැනි දෙයකින් එක් ඒකකයකට ලැබෙන්නේ ඉතා සුළු මුදලකි.සීනිබෝල වැනි දේවල් වල එක් ඒකකයකින් ඉතා සුළු ලාභයක් ලැබෙන අතර එම ව්‍යාපාර කරන අය ලොකු ධනයක් උපයන්නේ මෙම ඒකක සංඛ්‍යාව විශාල නිසාය.එසේම ටියුෂන් පංති කර අති විශාල වශයෙන් මුදල් උපයන තැනැත්තා කිසිදු සූරාකෑමක් කර නැත.මෙහිදීද ඔහුගේ ධනය වැඩි වන්නේ ඒකක සංඛ්‍යාව වැඩි වීමමතය.ධනය පමනක් නොව වෙනත් ව්‍යුත්පන්නයන් උදෙසාද මෙම නියාමය සත්‍ය වේ.

සමාජ ව්‍යුහයේ විවිධ සංරචක ඇත.අන්ධයා අලියාගේ හැඩරුව කී ලෙස නොව සමස්තය දෙස බලන විට එක තැන ගල් ගැසුන සමාජ ව්‍යුහයක් වෙනුවට සංසරණය වන්නක් හදුනා ගත හැක.මෙවිට විවිධ සමාජ ඵලයන්ගේ හිමිකාරීත්වය විවිධ පුද්ගලයන් නිෂ්පාදන ක්‍රමවේදයට දක්වන දායකත්වය මත තීරණය විය හැක.

කුඩා ඒකක තුල ඒකක ලාභය වැනි දෙයක් තිබෙනවාට වඩා එය විස්තරනය වූ විට එහි ප්‍රබලත්වය වැඩිය.මෙය ධනයට පමනක් නොව සියල්ලටම පොදුය.බලය උදාහරනයකට ගනිමු.මෙයද වඩාත් ප්‍රචන්ඩ වන්නේ විස්තරනයේදීය.නමුත් ධනය ට වඩා බලය මහා සමාජය නිර්මාණය වීමේදී තීරණාත්මකය.කුඩා සමාජය විස්තරනය වීම අනිවාර්ය වන අතර එහිදී සිරස් සමාජ පිරමිඩය ගොඩ නැගීම ද අනිවාර්යය.
මෙහි පීඩක පීඩිත පන්තියැයි දෙයක් නැත.එහෙත් එසේ පුද්ගලයන් සොඉටිය හැක.මේ කිසිවක් රේඛාවකින් වෙන් කර නිරන්තර ගැටුම්කරී කන්ඩායම් ලෙස විග්‍රහ කිරීමත් එම ගැටුම් තුලින් සමාජය ඉදිරියට වනවායැයි කීමත් මෝඩ කමකි.
සමාජය ඉදිරියට යන්නේ නිෂ්පාදන ක්‍රමවේදය වෙනස් වන නිසාය.එහිදී සමාජ පිරමිඩයේ හැඩය වෙනස් වේ.සමානාත්මත සමාජයක් ගොඩ නැගීමට කාට හෝ අවශ්‍ය නම් මෙම විස්තාරනය අඩු කළ යුතුය.එනම් සමාජය හැකිතාක් කුඩා හා සරල කළ යුතුය.

මේ අරමුණ සඳහා කරන වෙනත් සෑම ප්‍රයත්නයකින්ම සිදුවන්නේ තත්වය තවත් නරක අතට හැරී තිබුනාටත් වඩා නරක සමාජයක් බිහි වීමය.

ඇත්තටම සාධාරණ සමාජයක් පතන්නේනම් කළ යුත්තේ කුමක්ද? පුද්ගල සුවිශේෂීතාවය මෙන්ම සමූහ සුවිශේෂීතාවයද ප්‍රතික්ෂේප කිරීමය.දේශපාලන පක්ෂය සමූහ සුවිශේෂීතවයට හොඳ උදාහරනයකි.කළ යුත්තේ උපරිම විමධ්‍යගතකරනයයි.එක් අයෙකුට යම් තනතුරක් දැරීමට යම් කාලසීමාවක් පනවමින් වැඩි දෙනෙකුට එම අවස්ථාව හිමි කර දීම එක් සාර්ථක ක්‍රමයකි.හැකි පමන විශේෂ ප්‍රාගුණ්‍යට එරෙහි විය යුතුය.පුද්ග්ල වෙනස්කම් එතරම් බලනොපාන්නේ සැබවින්ම තිබෙන්නේ ක්‍රියාවලියක් බැවින් පුද්ගලයාට තමන්ටම ආවේණික වූ අති සුවිශේෂ භූමිකාවක් නැති තරම් බැවිනි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

4 Responses to සාධාරණ යහපත් සමාජයක් යනු කුමක්ද ( අධානග්‍රාහී නොවන විග්‍රහයක් )

  1. ටිකක් බර නං වැඩී තේරුණ විදියට මෙහෙමයි…
    ඇත්තටම අපේ හුගක් අය හරි ආත්මාර්තකාමී… අර වඩුවගෙ කේස් 1 ගන්න… ඒ වඩ්ඩ හිත්වනං තමංගෙ හාම්පුතා හින්ද තමා මේ සල්ලියත් ලැබෙන්නෙ කියල කවදාවත් අර ඉත්රු ටික ඉල්ලන්නෑනෙ…
    අනිවා අපේ අය අනෙකා ගැන හිතනවා කීවට හිතන්නෙ නෑ… ඇයි දන්නවද…..? ඒකෙන් එයාගෙ ආතල් කැඩෙන හිංද…
    නැද්ද මං අහන්නෙ

  2. හරවත් ලිපියක්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s